‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවලට එකඟතාවය පළකරමින් සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (14) දින සන්ධාන ගත විය. ඒ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හොටලයේ පැවැති උත්සවයකදී ය.
මෙම සන්ධානගත වීමේ ප්‍රධානම අරමුණ වන්නේ මිලියන විසිදෙකක් වන ජනතාවගේ නිදහස, ආර්ථික සමෘද්ධිය සහ සමාජීය යහපත උදෙසා අනාගතයේදී ස්ථාවර, ශක්තිමත්, දූරදර්ශී රාජ්‍යයක් බිහි කිරීමයි.
ඡායාරූප සියල්ල මෙතැනින්
https://www.facebook.com/share/p/WgzUiJYT8HD1Axuz