එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධානය මගින් ඊයේ (15) පස්වරුවේ මැද කොළඹ පංචිකාවත්ත කොට්ඨාශයේ ජනහමුවක් සංවිධානය කර තිබිණ.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක, පක්ෂ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, උප සභාපති තික්ෂණ ගම්මන්පිල, මධ්‍යම කාරක සභික, නීතීඥ රජික කොඩිතුවක්කු, මාධ්‍ය ප්රචාරක සහ ප්‍රවර්ධන කටයුතු නියෝජ්‍ය ලේකම්, වෛද්‍ය සංකල්ප මාරසිංහ, මධ්‍යම කාරක සභිකයින් වන සිත්ති අසීසා, කිංස්ලි පෙරේරා යන මහත්ම මහත්මීන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. මෙම හමුව සංවිධානය කරනු ලැබුවේ මධ්‍යම කාරක සභික, මොහොමඩ් ඉන්ෆාස් මහතා විසිනි.