රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වෙයි. දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කෙරිණ. රට දැඩි අර්බුදයකට මුහුණපා සිටී. ඉන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ බව නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය න් එකඟ වී තිබේ. නිදහස ජනතා සභාව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බිඳී ආ කණ්ඩායමක් වුවද, රට සංවර්ධනය සහ අර්බුදවලින් මුදා ගැනීමට ඔවුන්ට ද අවශ්‍යතාවක් ඇතැයි රණවක මහතා පෙන්වා දෙයි.
එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර ඇත්තේ රට වෙනුවෙන් වූ නිවැරදි වැඩපිළිවෙලකි. ප්‍රතිරෝධී සම්බන්ධතා තිබුණද ජනතාව වෙනුවෙන් පොදු වැඩපිළිවෙලකට අවතීර්ණ වීමට සියලු පාර්ශව වලට හැකියාව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. පෞද්ගලික වෙනස්කම් සහ ප්‍රතිපත්තිමය ගැටලු, රට මූලික කරගනිමින් විසඳා ගත හැකිය. බංකොලොත්භාවයෙන් රට මුදා ගැනීම ප්‍රධානතම අවශ්‍යතාවයි. ඒ සඳහා දේශපාලන පක්ෂ, සංවිධාන සහ පුද්ගලයන් එක්රැස්වෙමින් සිටින බවද රණවක මහතා පවසයි.
එවැනි තත්ත්වයකදී සුළු ප්‍රතිපත්තිමය කරුණු වෙනස් කරගත හැකිය. නිදහස ජනතා සභාව සමගද සාකච්ඡා කරමින් ජනතා අරමුණු ඉටුවන පරිදි ම සන්ධානයක් ගොඩනැගීමට හැකි බව විශ්වාස කෙරේ. නිදහස ජනතා සභාව වෙත වැඩසටහන පිළිගැන්වීම නාවල කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී ඊයේ සිදුකෙරිණ.
සාකච්ඡාව සඳහා නිදහස ජනතා සභාව වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතිඥ සුමිත් විජේසිංහ යන මහත්වරු ද, එක්සත් ජනපද පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහත්වරුද එක්වූහ.