පෞද්ගලික අංශයේ සේවයේ නිරත උගත් සහ බුද්ධිමත් පුද්ගලයන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණ අවධාරණය කරයි.
ජනරජ පෙරමුණේ තරුණ අංශ සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා කියාසිටින්නේ ඒ සඳහා සුදුසු නීති සැකසිය යුතු බවයි. මැතිවරණ සඳහා ඉදිරිපත් වන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ක්‍රමවේදයක් සැකසී තිබේ.
පෞද්ගලික අංශය වෙනුවෙන් එවැනි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් දක්ෂ සහ උගත් බොහෝ පිරිසකගේ දායකත්වය දේශපාලන ක්‍රියාවලියට සක්‍රියව නොලැබෙන බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. එය වෙනස් විය යුතුය. ඒ සම්බන්ධව මැතිවරණ කොමිසම සමග ද සාකච්ජා කෙරිණ. යහපත් ප්‍රතිචාර එහිදී ලැබුණු බව එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශ සභාපතිවරයා පවසයි.
දේශපාලනයට සම්බන්ධවීමට සූදානම් බොහෝ පිරිසක් පෞද්ගලික අංශයේ සිටිති. එහෙත් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමෙන් ඔවුන්ගේ රැකියා පිළිබඳ අවිනිශ්චිත තත්වයක් ඇතිවෙයි. එය ඔවුන් අධෛර්යවත්වීමට හේතුවකි. මෙම තත්වය වෙනස් කරමින් පෞද්ගලික අංශ සේවකයන්ගේ දායකත්වය දේශපාලනයට ලබා ගැනීමේ නීති සැකසිය යුතු බව ද ගම්මන්පිල මහතා සඳහන් කරයි.