පසුගිය මැතිවරණවලදි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්රහණය වෙනුවෙන් කැප වී ක්රියා කළ වෘත්තීයවේදීන් පිරිසක් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අතර විශේෂ සාකච්ඡාවක් මිරිහාන one ziro ziro හිදී අද (15) සවස පැවැත්විණ. වත්මන් දේශපාලන තත්ත්වය සළකා බලා රටේ අනාගත දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට තම සහයෝගය ලබා දෙන බවට එම වෘත්තීයවේදීන් පිරිස එක්සත් ජනරජ පෙරමුණ සමග එකඟතාවකට එළඹිණ.