එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් පංචිකාවත්ත ‘සියසෙත සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදී, ඊයේ (07) දින සවස පැවැත්විණ.
මෙම ජනහමුව සංවිධානය කළේ චතුරිකා, නයෝමි, ක්රිස්මිනා, ජෙනට්, ගුරූ යන මහත්ම මහත්මීන් විසිනි. පක්ෂය නියෝජනය කරමින් කාන්තා අංශයේ සභාපති ධාන්‍යා සමරසිංහ, මැද කොළඹ සම්බන්ධීකාරක මධ්‍යම කාරක සභික සචිත් රණසිංහ, මධ්‍යම කාරක සභික කිංස්ලි පෙරේරා, අසීසා ෆලීල් යන මහත්ම මහත්මීන් සහභාගී විය.