එක්සත් ජනරජ පෙරමුණේ සතිපතා ප්රකාශනය වන ‘ජනරජ’ මංගල කලාපය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත දෙසැම්බර් 11 වෙනිදා එහි ප්‍රධාන සංස්කාරක උදාර විලත්ගමුව මහතා විසින් පිළිගන්වන ලදී. එක්සත් ජනරජ පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘ජනරජ’ සඟරාව අද සිට සතිපතා ඩිජිටල් මාධ්‍යයෙන් එළි දැක්වීමට නියමිතය.