එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (30) පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණ.
විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ පවතින අවම පහසුකම් නිසා ඒවායේ සිට අධ්‍යාපනය ලැබීමට ඇති අපහසුව හේතුවෙන් පළමු හා දෙවන වසරේ තෝරාගත් විෂයන් Online ක්‍රමයට සිදු කිරීමේ යෝජනාවක් ඇති බවත්, ඒ හේතුවෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇති වන බවත්, අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවන බවත්, මහපොළ දීමනාව නිසි පරිදි නොලැබීම හේතුවෙන් බොහෝ දෙනා දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් මෙහිදී ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.