එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන එක්සත් ජනරජ පෙරමුණේ සංවිධායකවරුන් මෙන්ම පොදුවේ එකී මැතිවරණය සඳහා දායක වන පුද්ගලයන් වෙත, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් නෛතිකව සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් සොයාබලා ඉක්මනින් කටයුතු කිරීම සදහා එක්සත් ජනරජ පෙරමුණේ නීති අංශය විසින් පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ මග පෙන්වීම පරිදි ‘ජනාධිපතිවරණ නීති ප්‍රතිචාර මධ්‍යස්ථානය’ ක් අද (27) දින ආරම්භ කරන ලදී.
මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය එහි සහකාර ලේකම් (නීති) නීතිඥ දිනූ ධර්මරත්න මහතාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.
විමසීම් – 011 251 4543 / 011 251 4573
සියලු ම ඡායාරූප මෙතැනින්:
https://www.facebook.com/share/p/1FoJ4eZeHr