එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් කොම්පඤ්ඤ වීදිය මෙට්‍රෝ මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ (07) දින සවස පැවැත්විණ.
මෙම ජනහමුව එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශයේ විධායක සභික අසීසා ෆලීල් මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර, පක්ෂය නියෝජනය කරමින් කාන්තා අංශයේ සභාපති ධාන්‍යා සමරසිංහ, මැද කොළඹ සම්බන්ධීකාරක මධ්‍යම කාරක සභික සචිත් රණසිංහ, මධ්‍යම කාරක සභික කිංස්ලි පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී විය.