එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කණ්ඩායම් හමුවක් කළුබෝවිල ප්‍රදේශයේදී පසුගිය දා පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංශයේ දෙහිවල සම්බන්ධීකාරක හරිත් මිහිසර මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාව සඳහා පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, උප සභාපති තීක්ෂණ ගම්මන්පිල, මධ්‍යම කාරක සභික නිතීඥ රජික කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.