එක්සත් ජනරජ පෙරමුණේ කඹුරුපිටිය ආසන සම්බන්ධීකාරක එච්. ඩබ්ලිව් තිලකරත්න මහතා විසින් සංවිධානය කරන ලද ජන හමුවක් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක, වරලත් ඉංජිනේරු චන්ද්‍රසිරි ලියනගේ හා දිස්ත්‍රික් කමිටු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් වෙනි 5 වෙනි දින කඹුරුපිටිය ආසනයේ කිරින්ද-පුහුල්වැල්ල හිදී පැවැත්විණි.
සමගි ජන සන්ධානයේ දිස්ත්‍රික් ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සමගි ජන සන්ධානයේ දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම මහතාගේ මුලිකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක, වරලත් ඉංජිනේරු චන්ද්‍රසිරි ලියනගේ හා දිස්ත්‍රික් කමිටු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 6 වෙනි දින සිදුවිණි.
එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක, වරලත් ඉංජිනේරු චන්ද්‍රසිරි ලියනගේ යන මහත්වරුන් හා දිස්ත්‍රික් කමිටු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මාතර දිස්ත්‍රික් කමිටුව සැප්තැම්බර් 6 වෙනි දින එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ දී රැස්විණි. මෙහිදී ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එදිනම එක්සත් ජනරජ පෙරමුණේ අකුරැස්ස ආසන සංවිධායක ගාමිණී ශාන්ත මහතා විසින් සංවිධානය කරන ලද වැඩිහිටි උපහාර උලෙලක් පාම බුද්ධික පතිරණ මහතාගේ මුලිකත්වයෙන් තෙලිජ්ජවිල ගාමිණි හොටෙල් ශාලාවේ දී පැවැත්විණි. මෙයට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වරලත් ඉංජිනේරු චන්ද්‍රසිරි ලියනගේ යන මහත්වරුන් හා දිස්ත්‍රික් කමිටු සාමාජිකයන් සහභාගි විය. මෙම උත්සවයට වැඩිහිටියන් විශාල පිරිසක් සහභාගි විය.
සියලු ම ඡායාරූප පහතින්..
https://www.facebook.com/share/p/14YLXuoEkv