එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය වන ‘Youth Republic’ හි විධායක කමිටු සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ලබාදීම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අතින් අද (10) දින පක්ෂ මුලස්ථානයේදී සිදුවිය. මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර සහ තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල ඇතුළු පිරිසක් සහභාගි විය.