පුද්ගලික අංශයේ රැකියාවෙහි නියුතු නමුත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට එකී ආයතන මගින් කිසිදු නෛතික පදනමකින් තොරව එම සේවකයන්ගේ දේශපාලනයට පිවිසීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය අද (05) මැතිවරණ කොමිසම හමුවට පැමිණියේය.
එහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා හමුවේ තරුණ තරුණියන් ලෙස අප මුහුණ දෙන ගැටලු සාකච්ඡා කොට යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් කොමිසම විසින් කම්කරු කොමසාරිස්වරයා වෙත ද මෙකී යෝජනා සහ අදහස් යොමු කරන බවත් ඒ හරහා හාම්පුතුන්ගේ සංගමය වෙත මෙකී යෝජනාවන් ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කළ අතර මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල ප්රමුඛ තරුණ තරුණියන් එක්ව සිටියහ.
මෙම වැඩපිළිවෙල මෙතැනින් අවසන් නොකොට මෙහි දෙවැනි අදියර ලෙස කම්කරු කොමසාරිස්වරයා ද හමුවීමට තරුණ අංශය බලාපොරොත්තු වන අතර, මේ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ ක්රියාකාරිකයන් දැනුවත් කිරීමට ද අපේක්ෂා කරයි.