ආසියානු කලාපයේ ආර්ථික උපායමාර්ගික විශ්ලේෂණයන් සිදු කරන Verité Research ආයතනයේ නියෝජිතයන් පිරිසක් අද (13) පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා හමු විය.
එහිදී ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යාංශ වෙන් කිරීම සහ පිහිටුවීම සම්බන්ධව නිසි හා තාර්කික ක්‍රමවේදයක් වෙනුවෙන් වන ධවල පත්‍රිකාව සහ 2024 වසරේ අයවැය පිළිබඳ සමාලෝචන වාර්තාව පිරිනැමුණු අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කරන ලදී.
මේ අවස්ථාවට Verité Research ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධාන ආර්ථික විශේෂඥ රාජ් ප්‍රභූ රාජාකුලේන්ද්රන් මහතා සහ පර්යේෂණ විශ්ලේෂක චතුනි පබසරා සහ උමා රාජමන්ත්‍රි යන මහත්මීන් එක්ව සිටියහ.