එක්සත් ජනරජ පෙරමුණේ දිගාමඩුල්ල (අම්පාර) දිස්ත්රික් තරුණ සංවිධානය විසින් නැගෙනහිර පළාතේ මහ සභා රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) කල්මුණේ, එක්සත් ජනරජ පෙරමුණ නැගෙනහිර පළාත් තරුණ අංශයේ සම්බන්ධීකාරක මර්සූක් එන් මුහම්මද් මහතා සාකච්ඡාවක් පැවැත්වීය. අම්පාර දිස්ත්රික්කයේ එක්සත් ජනරජ පෙරමුණේ ඉදිරි කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.