එක්සත් ජනරජ පෙරමුණ හැදෙන්නේ වෙනස් අරමුණක් එක්ක ය. ඒ ඒකේ නායකයා පුම්බන්නට නෙවේය. නායකයා දියසෙන් යැයි ලේබල් කරන්නට නෙවේ ය. ජනරජ පෙරමුණේ ඉන්නේ ඒ පක්ෂයේ මේ මොහොතේ නායකයා ය. ඒ පාඨලී චම්පික රණවකය. එක්සත් ජනරජ පෙරමුණ හැදෙන්නේ පාඨලීට වඩා විශාල මිනිසුන් වෙනුවෙන් මිස ලොකුම මිනිහා පාඨලී කියන්නට නෙවේය…
පක්ෂයේ ඉන්නා උසම මිනිහා පාඨලී වෙන්නට හැකිය…හැබැයි දේශපාලනිකව ඉන්නට හැකි ලොකුම මිනිහා පාඨලී යැයි කියා ජනරජ පෙරමුණේ උත්තුංග අරමුණ පුංචි කරන්නට බැරිය. පාඨලී පොරක් වෙන්නේත් ඔය කියූ තත්වයට මිනිහා බය නැති නිසාය. තමන් ගැන වීරත්වයක් සහ විශ්වාසයක් තියෙනා නිසාය.
ජනරජ පෙරමුණ හැදුවේ වැඩ්ඩන්ට මිස බයියන්ට කයියන්ට ටොයියන්ට නෙවේය. #වැඩ්ඩෝ කාටවත් කඩේ යන්නේ නැතිය. වැඩ්ඩෙක් කියන්නේ තමා ඇතුලේ ඉන්නා වීරයාට ගරු කරනා එකාටය.. එහෙව් එව්වෝ කාගේවත් වහල් කුක්කෝ නෙවේය.
රනිල් හාමුට මහින්ද අප්පොච්චාට ජලනි නෝනාට වගේම අනුරයියාටද හැදෙන්නේ වහල්ලුය..ජනරජ පෙරමුණේ අපි හදන්නේ පාඨලී ඉක්මවා යා හැකි #වැඩ්ඩෝ මිස පාඨලී ගේ වහලුන් නෙවේය…ජනරජ පෙරමුණ පාඨලීට වඩා විශාලය. පාඨලී කියන්නේ එක්සත් ජනරජ පෙරමුණ නිර්මාණය කල වැඩ පෙන්වා ඇති, ක්රියාවෙන් වැඩ්ඩෙක් බව ඔප්පු කර ඇති පක්ෂ නායකයාය.
නදීශ ද සිල්වා