එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ හමුවක් ගුණසිංහපුර බෝධිරුක්ඛාරාම විහාරයේදී ඊයේ (12) සවස පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික, තරුණ අංශයේ විධායක සභික කවිෂ රණසිංහ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාව සඳහා පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, උප සභාපති තීක්ෂණ ගම්මන්පිල, මධ්‍යම කාරක සභික නිතීඥ රජික කොඩිතුවක්කු, මැද කොළඹ සංවිධායක, මධ්‍යම කාරක සභික සචිත් රණසිංහ, කාන්තා අංශයේ විධායක සභික අසීසා ෆලීල් යන මහත්ම, මහත්මීන් පිරිසක් සහභාගී විය.
සියලු ඡායාරූප සඳහා:
https://www.facebook.com/share/p/EaXT8U4YVho7Pmm9