ජන දුක නිවන එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පිළිබඳ මහරගම ජනතාව දැනුම්වත් කිරීම සඳහා පත්රිකා බෙදා දීමේ වැඩසටහනක් අද (17) පෙරවරුවේ මහරගම නගරයේ දී පැවැත්වුණේ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙනි.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණේ උප සභාපති, විශ්රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා විසිනි.