එක්සත් ජනරජ පෙරමුණ සහ නිවහල් ගුරු විදුහල්පති සංසදය අතර විශේෂ සාකච්ඡාවක් අද (7) එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.
අධ්‍යාපන පද්ධතියේ දීර්ඝකාලීනව පවතින ගැටළු කඩිනමින් විසඳාගැනීම සම්බන්ධව මෙහිදී දෙපාර්ශවය අතර සාකච්ඡා කෙරුණු අතර, 1994 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ගුරු සහ විදුහල්පති සේවාවන් තුළ පවතින උග්‍ර ගැටළු සඳහා මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් නොලැබීමත්, වර්තමානයේ රටේ පවතින ඉහළ ජීවන වියදම හමුවේ ලැබෙන වැටුපෙන් පමණක් ජීවත් වීමට ඇති දුෂ්කරතාවන් නිසා පොදු ගුරු සහ විදුහල්පතිවරුන් විසින් ස්වේච්ඡාවෙන් ගොඩනැගුනු නිවහල් ගුරු විදුහල්පති සංසදයේ මූලික ඉල්ලීම් 09 ක් මෙහිදී අවධානයට ලක් විය.
මේ සාකච්ඡාව සඳහා එම සංගමය නියෝජනය කරමින් කැඳවුම්කරුවන් වන එස්.ජී. වික්‍රමනායක, බී.එම්.සී.පී. කුමාර සහ වයි.එම්.එස්.එස්. ගුණතිලක යන මහත්වරුන් එක්ව සිටි අතර, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, සභාපති – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුන් සහ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන කටයුතු නියෝජ්‍ය ලේකම් තමරා දයානී හෙට්ටිමුල්ල මහත්මිය ද එක්ව සිටියහ.