බංකොළොත් බවෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව කෙරෙහි සහකම්පනයකින් යුතු මානුෂික වැඩපිළිවෙළක් ලෙස එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ සියලු සබුද්ධික දේශපාලන පක්ෂ, සංවිධාන සහ පූජ්‍ය පක්ෂය වෙත ඉදිරිපත් කළ බවත්, එම වැඩපිළිවෙළ මූලික කරගෙන සාමූහික ඉදිරි දැක්මක් සහිත ආණ්ඩුකරණයක් සඳහා සියළු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පැවැත්වූ අතර, එය පදනම් කරගනිමින් රට වෙනස් කළ හැකි දේශපාලන සන්ධානයකට අද වන විට පුළුල් පදනමක් දැමීමට එක්සත් ජනරජ පෙරමුණ සමත් වී ඇති බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, බන්දුල චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රසේකර මහතා;
පසුගිය වසරේ මැයි මාසේ විසි දෙවෙනිදා එනම් ජනරජ දිනයේ ජනගත කරන ලද අප පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් මේ වන විට දිස්ත් රික්ක විස්සක සංවිධාන කටයුතු සිදුකර තිබෙනවා. ඒ අප ලබා තිබෙන විශාල ඉදිරි පියවරක්. පක්ෂයේ නායකත්ව මණ්ඩල ඇරුණු විට දිස්ත්‍රික් සම්බන්ධීකරණ , කමිටු, ආසන සංවිධාන මෙන්ම ප්‍රදේශීය ඡන්ද කොට්ඨාශ මට්ටම දක්වා වූ සංවිධාන ව්‍යුහයක් අද අපට තිබෙනවා.
අද මෙම සමුළුවෙන්, ඒ බව මොනවට පැහැදිලි වෙනවා. දිස්ත්‍රික් සමුළු දාහතරක් ආසන මට්ටමේ රැස්වීම් හැත්ත පහකට ආසන්න ප්‍රමාණයක් ගෙවී ගිය වසර තුල පවත්වා තිබෙනවා. අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය සහ කුසලතාවය වටිනාකම් ලෙස සලකන අප පක්ෂය ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය, ස්ථාවර ප්රජාතන්ත්රවාදී රාජ්‍යය, සමාජ සාධාරණත්වය සහ සම මිතුරු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි මෙන්ම, නවීන ඉදිරි දර්ශනයක් ඒ කාලය පුරා, අප රට ඉදිරියේ තබා තිබෙනවා. පසුගිය කාලය පුරාම අපගේ ඉහත ප්‍රතිපත්ති වගේම මතුවුණු සෑම දේශපාලන, ආර්ථික, සමාජීය ප්‍රශ්නයක් අරභයා අපේ මතය, එම රැස්වීම් තුළින්, දහස් දස දහස් ගණනක ජනතාවක් ඉදිරියේ තබමින්, රට පුරා දැනුවත් කොට තිබෙනවා.
මීට අවුරුදු දෙකකට පෙර, අපේ රටේ ආණ්ඩුව ආර්ථික බංකොලොත් බව ප්‍රකාශ කළා. එතෙක්, රට භුක්ති විඳී මොනයම් හෝ ආර්ථික ස්වාධිපත්‍යයක් වෙයි ද? එය දැන් අපිට අහිමි වී තිබෙනවා. ඒ නිසාම රටේ දේශපාලන ස්වාධිපත්‍යයත් වියවුලකට පත්ව තිබෙනවා. මෙවන් පසුබිමක එක්සත් ජනරජ පෙරමුණේ බිහිවුණේ එකී බරපතල දේශපාලන, ආර්ථික සමාජ අර්බුදයට පිළියමක් සෙවීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව යි. නැවත රටට ආර්ථික වර්ධනයක් පමණක් නොව රටේ ආර්ථික යුක්තිය ද යළි දිනා ගැනීමට අපේ පක්ෂය අරමුණු කොට ගෙන තිබෙනවා.
පීඩිත ජනතාවගේ පමණක් නොවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා දක්වා අප ට්‍රස්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කොට පහුගිය වසර පුරාම ඔවුන්ට දිරිය හා සහයෝගය ලබාදීමට අප විසින් කටයුතු කරනු ලැබුවා. තම තරුණ වියේ සිටම දේශපාලන සටන් බිමේ ධෛර්යවන්ත නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ දේශයේ අරමුණු අධිෂ්ඨානයෙන් යුතුව කැපවීමෙන් යුත් ජයග්‍රහණය කිරීමට නොපවත්වා නොනවත්වාම කැපවුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මැතිතුමා; අපේ නායකතුමා ව්‍යවස්ථාදායකය තුළ මහජන නියෝජනයට සැබෑ වටිනාකමක් ලබාදීමට කටයුතු කොට තිබෙනවා. විධායකයේ ඍජු කොටස්කාරයෙකු නොවී, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්ට නායකත්වය සපයමින්, රාජ්‍ය ආදායම ඉහළ නැංවීමටත්, වංචා, දූෂණයන්ට, වැටකොළු බැඳීමටත් පාරදෘශ්‍ය ආණ්ඩුකරණයක් සඳහාත් ඔහු මඟ පාදා තිබෙනවා. මෙතන සිටින බොහෝ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද ඊට මනා සහයෝගයක් ලබාදුන්නා. එය අප සියලු දෙනා සාමූහිකව ලැබූ ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා. ප්රජාතන්ත්රවාදය මර්දනය කිරීමට මෙන්ම, ජනතා සංවිධාන මර්දනයට ආණ්ඩුව ඉදිරිපත් කළ අණපනත්වලට එරෙහිව විපක්ෂයේ බලය ශක්තිමත් කිරීමට ඔහු පාර්ලිමේන්තුව තුළ කැපවී ක්‍රියා කර තිබෙනවා. ඒ බව මෙම ස්ථානයේ සිටින විපක්ෂයේ දේශපාලන නායකයින් හොඳින්ම දන්නවා. රට වෙලාගත් දූෂණය, වංචාකාරී ගනුදෙනු හෙළිදරව් කිරීමටත් තවදුරටත් රටේ ධනය කොල්ලකෑමට එරෙහිවත්, අපේ අදහස් ජනගත කිරීමට පක්ෂයේ සෑම තරාතිරකම නායකත්වය කැපවී ක්‍රියා කළ බව, මම ආඩම්බරයෙන් කියන්න කැමතියි. ආර්ථික යුක්තිය වූ ජනතා ව්‍යාපාරය සමඟ අපි උද්ඝෝෂණ මාලාවක්ම සිදු කළා. විරු පවුර, ජනරජ භික්ෂු සංවිධානය සහ අපගේ විද්වත් මණ්ඩල ඒ සඳහා නොබියව ඉදිරියට පැමිණ වැඩ කළා. රට බංකොලොත් බවට පත්වීමෙන් අනතුරුවත් සෞඛ්‍යය, බලශක්ති, අධ්‍යාපන, අධිකරණ, නීතිය හා සාමය සහ යටිතල පහසුකම් ක්ෂේත්රවල සිදුවූ මෑත කාලීන ජාවාරම් හා දූෂිත අපහරණයන් හෙළිදරව් කිරීමට අපගේ පක්ෂ නායකත්වයට හැකිවීම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් ලෙස අපි දකිනවා.
විශේෂයෙන් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් හා ණය බරින් මිදීම සඳහා ගත් ක්‍රියාමාර්ග අතර ජාත්‍යන්තර අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම් රාමුවට අපි පක්ෂයක් ලෙස සහයෝගය දැක්වූවත් ආණ්ඩුව විසින් ජනතාවට ආර්ථිකයේ බර පැටවීම ගැන අපගේ සබුද්ධික විවේචනය අපි ඉදිරිපත් කොට තිබෙනවා. එම ගිවිසුම් රාමුවේ සඳහන් යහපත් දේශපාලන සදාචාරයන් සහ පාරදෘශ්‍ය ආණ්ඩුකරණයක් සඳහා වූ යෝජනා ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇති බව කනගාටුවෙන් වුවත් සඳහන් කරන්න කැමතියි. ඒ පිළිබඳව අපගේ විරෝධය අප නිරන්තරයෙන් පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ප්‍රකාශ කොට තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ප් රජාව අතර ජන ගරුත්වය සුරකින සාධාරණ සමාජයක් වෙනුවෙන් දියුණු සංස්කෘතික පුරවැසියෙකු බිහිකිරීමේ අධ්‍යාපන හා සංස්කෘතික සමාජ සංවර්ධනය ගොඩනැගීමටත් අප පක්ෂයේ ජනරජ කතිකාවත මගින් උත්සාහ දරා තිබෙනවා. ඒ සඳහා විවිධ ක්ෂේත්රයන්හී ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ දායකත්වය පක්ෂයේ සෙසු අංශ වෙත ලබාදෙමින් රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් දේශපාලන පදනමක් ගොඩනැගීමට පසුගිය වසර තුළ අපි කැපී පෙනෙන මෙහෙයක් ඉටු කර තිබෙනවා. ඒ සඳහා රටේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සමග එක්ව අප එක්ව කටයුතු කොට තිබෙනවා. ඒක විශේෂත්වයක්. ජනරජ තරුණයෝ හා ජනරජ කාන්තාවෝ පසුගිය කාලය පුරා ඉතා කැපවීමෙන් යුතුව වැඩ කළා. එපමණක් නොව ඉදිරියට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට ඔවුන් වෙත නව වගකීම් හා නායකත්වය පැවරීමට ද දැන් අප කටයුතු කර තිබෙන බව මම සතුටින් මේ සමුළුවේදී කියන්න කැමතියි.
ණය අර්බුදය විෂයෙහි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආණ්ඩුව දැක්වූ ඇතැම් ප්රතිගාමී ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කළ අප පක්ෂය ඉන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව කෙරෙහි සහකම්පනයකින් යුතුව මනුෂ්‍යත්වයේ වැඩපිළිවෙළක් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් අපි ඉදිරිපත් කළා. මෙයට සියලු සබුද්ධික දේශපාලන පක්ෂ වෙත එම යෝජනාවලිය අපි ඉදිරිපත් කරනු ලැබුවා. පසුගියදා එම වැඩසටහන රටේ ප්රබුද්ධ, බෞද්ධ ස්වාමීන් වහන්සේලා හටත් අපි ඉදිරිපත් කරනු ලැබුවා. එම වැඩපිළිවෙල මූලික කරගෙන, සාමූහික ඉදිරි දැක්මක් සහිත ආණ්ඩුකරණයක් සඳහා, සියලු දේශපාලන පක්ෂ සමඟ අපි සාකච්ඡා පැවැත්වූවා. එය පදනම් කරගනිමින්, රට වෙනස් කළ හැකි, දේශපාලන සන්ධානයකට අප අද වෙනකොට, පුළුල් පදනමක් දමා තිබෙනවා කියන එකයි, අපි විශ්වාස කරන්නේ.
සමෘද්ධිමත්, ධනෝපායන රාජ්‍යයක් ගොඩනැංවීම නැංවීමත්, ගෝලීය ප්රවණතාවයන්ට අනුරූප වන පරිද්දෙන් අපගේ ඉදිරි දැක්ම ජනතාව අතරට ගෙනගිය ඔබ සැමත් අපගේ මාධ්‍ය හිතවතුන්ට, සමාජ මාධ්‍ය ක්රියාකාරිකයින්ට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා පැමිණි, පක්ෂ ක්‍රියාකාරිකයින්, තරුණ හා කාන්තා ක්‍රියාදරයන්, වෘත්තීයවේදීන් ඉතා කැමති කැපවීමකින් යුතුව පසුගිය වසර පුරාම ක්‍රියා කළා. කුසලතාවය ප්‍රායෝගික මැදිහත් වීමට ඉඩ සලසමින් සැබෑ ජනරජයක් බිහි කිරීමට පසුගිය වසරේ අප ගත් වෙහෙසට පක්ෂයේ සියලුම නායක නායිකාවන්ට හා සාමාජික සාමාජිකාවන්ට ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය හා ආචාරය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. එසේම අපගේ මෙම වාර්ෂික සමුළුව මේ ලෙසින් අභිමානවත් ලෙස පැවැත්වීමට දායක වූ ඔබ සැමට පක්ෂ නායකත්වය වෙනුවෙන් මම ස්තූති ස්තුතිය පුද කරන්න කැමතියි. මේ තබන පියවර යෝධ පියවරක් ජයග්‍රාහී පියවරක්. එක්සත් ජනරජ පෙරමුණට ජය වේවා.”
මෙහිදී 2024/25 වසර සඳහා පක්ෂයේ නිලධාරී මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ ජාතික මණ්ඩලය ප්‍රකාශයට පත් කොට පක්ෂයේ අනුමැතිය ලබා ගන්නා ලදී.