එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අද (01) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්විණ.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, දොස්තර රාජිත සේනාරත්න, ඒ.එච්.එම්. ෆවුසි, සුසිල් ප්‍රේම්ජයන්ත, ලසන්ත අලගියවන්න, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, මහාචාර්ය චරිත හේරත්, මනෝ ගනේෂන් යන මහත්ම මහත්මීන් ද, මහා සංඝරත්නය ඇතුලු ආගමික නායකයින් ද, තානාපති නිලධාරීන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් ද එක්ව සිටියහ.