වංචා දූෂණ ගැන තරුණයින් සිදු කරන හඬ නැවතීමට ආණ්ඩුව ක්‍රියා කිරීම පිළිබඳව එක්සත් ජණරජ පෙරමුණ විසින් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම්
**එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල
*වර්තමාන ආණ්ඩුව හොරකමට විරුද්ධව හඬ නගන අය හිරගෙට යවනවා, හොරකම් කරන අය රකිනවා
*ආණ්ඩුවේ සහ පොලිස් අමාත්‍යවරයාගේ සිංහ නාදය අද වනවිට බලු කෙඳිරිල්ලක් වෙලා
රජයත් රජයේ සමහර අමාත්‍යවරුත් බයිලා කියන බවත් සමහර අමාත්‍යවරුන්ගේ හැසිරීම දැක්කම සිංහනාද බලු කෙඳිරිලි කියන ප්‍රසිද්ධ කියමන සිහිවෙන බවත් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශ නායක තීක්ෂණ ගම්මන්පිළ මහතා පැවසීය.
ඒ එක්සත් ජනරජ ප්‍රධාන කාර්යාලයේ අද එනම් 07 වැනිදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එක්සත් ජනරජ පෙරමුණ අසාධාරණය වෙනුවෙන් නැගී සිටින තාරුණ්‍ය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂයක් බවත්, රටේ තරුණ ප්‍රජාවට එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය හා එක්වන ලෙස ආරාධනා කරන බව ද පැවසූ තීක්ෂණ ගම්මන්පිළ මහතා, ‘’සතර කුමාරසිංහ’’ කියලා තරුණයෙක් ගුවන් තොටුපොළෙහි සිදුවන වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි පළකළ පසු රටේ සියලු දෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ බවත් එහි ප්‍රතිඵලයක් විදියට ඒ ක්‍රියාවලිය සාධාරණීයකරණය කළ ආකාරයත් තීක්ෂණ ගම්මන්පිළ මහතා මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක්වීය.
ඒ වීඩියෝව සමාජ මාධ්‍ය මගින් රටේ ජනතාවගේ අවධානය දිනාගත් පසු ඒ වීසා ඉකුත් කිරීමේ ක්‍රියාවලිය සාධාරණකරණීය කිරීම සඳහා රජය සහ අමාත්‍යවරු පමණක් නොව රජයේ ප්‍රවෘ ත්ති දෙපාර්තමේන්තුවද නිවේදන් නිකුත් කිරීමට කටයුතු කළ බව එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සභාපතිවරයා මාධ්‍ය අමතමින් පැවසීය.
රටේ ගෑස් සිලින්ඩර පුපුරමින් නිවසේ කෑම ටික පිසමින් හිටි අම්මලා ඝාතනය වනවිට පැවති ආණ්ඩුව එය සාධාරණකරණිය කරද්දී වගේම බාල බෙහෙත් ගනුදෙණුව වැනි දෑ ගැන ද රටේ තාරුණ්‍ය හඬ නැගූ බවත් එහි ප්‍රතිඵලයක් විදියට හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරගතව සිටින බව ද සඳහන් කළේය.
වීසා ප්රශ්නය වෙනුවෙන් හඬ නැගූ සතරසිංහ මහතාට ස්තුතිවන්ත වන බව ද පැවසූ තීක්ෂණ ගම්මන්පිළ මහතා ඔහුගේ ඒ ක්‍රියාව නිසා රටට අහිමිවී සමාගම්වලට හිමිවීමට ගිය ආදායම් රටට ඉතුරු වූ බවත් නොඑසේනම් ඒ මුදල් දේශපාලකයිගේ සක්කුවලට යෑමට ඉඩ තිබූ බව ද සඳහන් කළේය.
අදාළ අමාත්‍යවරයා එකක් පවසද්දී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනත් අදහසක් ප්‍රකාශ කළ බව ද ඒවා පරස්පර ඒවා බවත් රජය හැසිරෙන ආකාරයෙන් පෙනී යන්නේ මේ රජයට මේ රට හැදීමට හැකියාවක් නොමැති බවද තීක්ෂණ ගම්මන්පිළ මහතා පැවසීය.
අද වනවිට රටේ තරුණයින් බොහෝ දෙනෙක් රට හැර යන්නේ රට බංකොලොත්වීම නිසා නොවන බවත්, ඔවුන් එසේ යන්නේ මේ රටේ යුක්තිය ක්‍රියාත්මක නොවනවා යැයි ඇතිවී ඇති ආකල්පය හේතුවෙන් බව ද එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සභාපති මාධ්‍ය අමතමින් පැවසීය.
වීසා ගනුදෙණුව ගැන දැන ගැනීමට හැකිවූයේ සමාජ මාධ්‍ය හේතුවෙන් බවත් ඉන් පසුව ප්‍රධාන මාධ්‍ය වලින් ඒ ගැන ප්‍රචාරය වූ බවත් ඒ නිසා ඔන්ලයින් පනත ගෙනවිත් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
පක්ෂයක් විදිහට මේ රටට ගැලපෙන නීතිවලට අත උස්සලා එකඟ වෙනවා වගේම මේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදයට සහ තොරතුරු දැන ගැනීමට ඇති අයිතීන් නැති කරන ආකරයේ නීති ගෙනඒමට උත්සාහ කරන දේශපාලනඥයන්ට, ආණ්ඩුවට විරුද්ධවත් බය නැතුව ක්‍රියා කරන බව ද ඒ මහතා මාධ්‍ය අමතමින් වැඩි දුරටත් පැවසීය
දැන් සිටින ත්‍රාඩ දේශපාලනඥයින් තමන්ගේ වැරැදි භාර නොගන්නා අය බවද රට හදන වැඩ පිළිවෙලට තම පක්ෂය හා එකතුවීමට රටේ තාරුණ්‍යට ආරාධයනය කරන බව ද සඳහන් කළේය.