එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාර්තු 22 දින හෝමාගම ප්‍රදේශයේ සුහද හමු කිහිපයකට සහභාගී විය.
මෙහිදී, සියනෑ හේවාගම හාපිටිගම් කෝරලත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මීගොඩ සුමනාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මීගොඩ මංගල නාහිමියන්, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති එම්.එච්. ප්‍රදීප් කුමාර් ගුණසේන මහතා, ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී සෝමවීර ගමගේ මහතා සහ හෝමාගම ප්‍රාදේශීය සභා අපේක්ෂක සමාජ ක්‍රියාකාරී අමින්ද රත්නායක මහතා හා අපේක්ෂක කණ්ඩායමේ කීපදෙනෙකු මුණගැසී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා පැවැත්විය.
මෙහිදී “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” රට ගොඩ නගන අවම පොදු වැඩපිළිවෙල සහිත කෘතිය ලබාදීම ද සිදු කෙරිණි.
මෙම හමු සංවිධානය කළේ හෝමාගම සම්බන්ධිකාරක තරිඳු දිලීප ගමගේ මහතා විසිනි.