පෞද්ගලික අංශ සේවකයන් මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධ එක්සත් ජනරජ පෙරමුණේ සහන යෝජනා ක්රියාවට නැංවීම සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.
ඒ සම්බන්ධ ලිපියක් මැතිවරණ කොමිසම කම්කරු දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ.
Youth Republic සාමාජිකයෝ මැතිවරණ කොමිසමේ සභාපති සමග පසුගිය පෙබරවාරි 05 වනදා සාකච්ඡා කළහ. එහිදී මැතිවරණ සඳහා ඉදිරිපත් වන පෞද්ගලික ආයතන සේවකයන් මුහුණ පාන ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරිණ.
වැටුප් රහිත නිවාඩු ලබාදීම සුදුසු බවත්, සෙසු පහසුකම් සැලසිය යුතු බවටත් Youth Republic නියෝජිතයෝ පෙන්වා දුන්හ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ ඔවුන් පෙන්වා දෙන කරුණු ක්රියාත්මක කිරීම සුදුසු බවයි.
ඒ සම්බන්ධ ලිපිය කම්කරු කොමසාරිස් වෙත මාර්තු 06 වනදා යවා තිබේ.
Youth Republic කියා සිටින්නේ එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ලෙස මෙය ලබාගත් විශේෂ ජයක් බවයි. ඉදිරියේදී කම්කරු කොමසාරිස් හමුව සාකච්ඡා කිරීමට ද ඔවුහු අපේක්ෂා කරති. සියලු දේශපාලන පක්ෂ ක්රියාකාරීන් මේ සම්බන්ධව දැනුවත් කිරීමට ද Youth Republic සූදානමින් සිටී.