ජාතික භෞතික සැලසුම පදනම්ව ක්‍රියාත්මක වන්නේ නම් වසර දහයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා පවසයි.
ජාතික භෞතික සැලැස්මේ අරමුණු කිහිපයකි. සැලසුම් සහගත භෞතික සංවර්ධනය ඉන් ප්රමුඛ වෙයි. සැලසුම් සහගත නොවීමෙන් ගැටළු රැසක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ හේතුවෙන් සැලසුම් සහගත භෞතික සංවර්ධනය දැඩි අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයි රත්නායක මහතා පෙන්වා දෙයි.
සංවිධිත භෞතික පරිසරය රටක ජීවත්වීමට උචිත ආර්ථික සමෘද්ධියක් සහ දේශපාලන ස්ථාවරත්වයක් සඳහා මග පෙන්වන සාධකයකි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ සැලසුම් සහගත ක්‍රියාවලියට භෞතික සංවර්ධනය අත්‍යාවශ්‍ය අංගයක් බව රත්නායක මහතා පෙන්වා දෙයි.
රටක ජනතාවගේ සෞඛ්‍ය, ධනය සහ බලය විදහාලන කැඩපතක් ලෙසද භෞතික පරිසරය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කරන ලද ජාතික භෞතික සැලැස්මක් පවතී. එය විධිමත්ව ක්‍රියාවට නැංවීමෙන් සමබර ආර්ථික සංවර්ධනයක් ද නිර්මාණය කළ හැකි බව රත්නායක මහතාගේ අදහසයි.
මේ අතර ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා ක්ෂණිකව අවධානය යොමු කළ යුතු වැඩපිළිවෙලක් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කරයි. එහිදී ප්‍රවාහනයේ වැදගත්කම අවධානයට ගත් බවද රත්නායක මහතා සඳහන් කරයි.
වර්තමාන ගැටලූ ද හඳුනාගෙන තිබේ. ඒ අනුව පදනම් වූ විසඳුම් මාලාවක් සකසා ඇත. කඩවත උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹිය යුතුය. ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණයෙන් කාර්යක්ෂමතාව වර්ධනය කෙරේ. කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නැවත ආරම්භ කර, අවසන් කළ යුතුය. මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මුහුදු සහ අභ්‍යන්තර ජල මාර්ග භාවිතයට ක්‍රියාමාර්ග සැකසෙයි. විදුලිය මගින් ධාවනය වන පෞද්ගලික රථවාහන භාවිතය දිරි ගන්වා බැටරි ආරෝපණය සඳහා රාත්‍රී කාලයේ ලාභදායි විශේෂ අය ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගැනේ.
ස්වයංක්‍රීය මැදිරියක් මගින් ප්‍රවාහන තදබදය අධික මං සන්ධිවල රථවාහන හැසිරවීම පාලනය කෙරේ. මහා මාර්ග නඩත්තුව සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීමද එක්සත් ජනරජ පෙරමුණෙහි අපේක්ෂාවකි. දෙවන අදියර යටතේදී ද ප්‍රවාහන ක්ෂේත්‍ර සංවර්ධනයට ක්‍රියාමාර්ග රැසක් ගන්නා බව රත්නායක මහතා අවධාරණය කරයි.