එක්සත් ජනරජ පෙරමුණ ගම්පහ ආසන ජනරජ සභාව ජනවාරි 27 වන දින මිරිස්වත්ත KAZE Restaurant හිදී, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහතා විසිනි.
මෙම අවස්ථාව සඳහා ජනරජ පෙරමුණු ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, සභාපති විශේසඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජාත්‍යන්තර කටයුතු පිලිබඳ නියෝජ්‍ය ලේකම් රෝහණ මහලියනාරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.