ප්රජාතන්ත්රවාදය දේශපාලන දර්ශනයකි, පාලන ක්රමයකි, ජීවන විලාසිතාවකි. ලෝකය මෙතෙක් බිහිකළ බොහෝ දේශපාලන මතවාද පැවතී නැතිවී ගියද ප්රජාතන්ත්රවාදය තවමත් පවතින්නේ සදා නිම කළ භාණ්ඩයක් මෙන් නොවී තත්වයන්ට අනුව සංස්කරණය වෙමින් යුගයෙන් යුගය ඉදිරියටම විකාශනය වීමට එයට ඇති හැකියාව නිසයි.
අප ජීවත් වන යුගයේ ප්රජාතන්ත්රවාදය පාලන ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන්නේ නියෝජන ප්රජාතන්ත්රවාදය නම් ආකෘතිය ඔස්සේය. නියෝජන ප්රජාතන්ත්රවාදයේ එක් ලක්ෂණයක් වන්නේ දේශපාලන පක්ෂ ක්රමයක පැවැත්මයි. දේශපාලන පක්ෂ පිළිබඳ කෙතරම් නිෂේධනීය ආකල්ප තිබුනද ඒවා නියෝජන ප්රජාතන්ත්රවාදයේ අතුරුපලයක් වීම යථාර්ථයකි.
ප්රජාතන්ත්රවාදයට මෙන්ම දේශපාලන පක්ෂ වලටද සදා නිමකළ භාණ්ඩ ලෙස පැවතිය නොහැකිය. කාලයට ගැලපෙන සංස්කරණ කරගත නොහැකි පක්ෂ දියවී වඳවී යයි. ලංකාවේ පැරණි දේශපාලන පක්ෂ සියල්ලම මේ ඉරණමට මුහුණ දෙමින් තිබේ. එහෙත් දේශපාලනය රික්තයක් ඉතුරු කරන්නේ නැත. අපේ රටද නව දේශපාලන පක්ෂ ඉල්ලා සිටී. එක්සත් ජනරජ පෙරමුණ මෙම මැයි 22 දා එළි දකින්නේ එම ඓතිහාසික කොන්දේසිය අනුවය.
ප්‍රායෝගික දේශපාලනයේ එක් ස්වරූපයක් වන්නේ ඒ මෙහොතේ පැන නගින ප්‍රශ්නයට පිළිතුරු සෙවීමය. කුමන ප්‍රශ්නයකට වුව දේශපාලනයට දියහැක්කේ පාර්ශ්වීය පිළිතුරු මිස සදාතනික පිළිතුරු නොවේ. නමුත් පාර්ශ්වීය පිළිතුරුද සමාජය භාරගන්නා පිළිතුරුය. දැන් රට මුහුණ දෙන ප්‍රධාන ප්රශ්නය වන්නේ ආර්ථික බංකොළොත් භාවයයි. මේ බංකොළොත් භාවයෙන් රට ගොඩගෙන ගොඩ නැගීම මේ යුගයේ රටේ රාජ්‍ය බලය ඉල්ලා සිටින දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රයේ ප්‍රමුඛාංගය විය යුතුය. ජනරජ පෙරමුණේ ප්‍රධාන ධාරණාව වන්නේ ධනෝපායන හැකියාවකින් යුතු රාජ්‍යක් ගොඩ නැගීමය. එහෙත් හුදු ආර්ථික මිනිසකු ගොඩ නැගීමෙන් පමණක් රටක් ගොඩ නැගිය නොහැකිය. එය ජේ. ආර් ජයවර්ධන මහතාගෙන් අප ඉගෙන ගත යුතු පාඩමය. සංස්කෘතික මිනිසකු ගොඩනගනා දැවැන්ත සංස්කෘතික දේශපාලනයක්ද රටට අවශ්‍ය වන්නේය.
විශිෂ්ට සංස්කෘතික උරුමයක් ගැන කතා වුවද මේ රටේ දැන් පවතින්නේ “ඕනෑම වඳුරෙකුට ගිනි තැබිය හැකි” අවදානම් සහගත වාතාවරණයකි. ජාති,අගම්, අනන්‍යතා විවිධත්වය මත අවිචාරවත් ප්රචණ්ඩත්වයක් ඕනෑම මෙහොතක ගිනිදැල්විය හැකි මෙහොතකය. එහෙයින් අප රට වැසියාට ආර්ථික ශක්තියක් මෙන්ම මානව ගරුත්වය අන්‍යොන්‍ය වශයෙන් දරාගත හැකි සංස්කෘතික ශක්තියක්ද අත්‍යවශ්‍යය.
ජනරජ පෙරමුණ සංස්කෘතික මිනිසා සංකල්පය, ආර්ථික මිනිසා සංකල්පය හා සමාන බරකින් පිළිගන්නේ මේ පසුබිම මතය. එය මේ පක්ෂය විසින් අලුතින් සොයාගත් සංකල්පයක් නොවේ. සංස්කෘතිය හා රාජ්‍ය පිළිබද පසුගිය කාලය පුරා මතු වූ ඉදිරිගාමී සමාජ දේශපාලන සංවාදය තුළින් මතු වූවකි.
අප රටේ සංස්කෘතික ගැටලුවේ විවිධ ස්වරූප ජනරජ පෙරමුණ විසින් තක්සේරු කර ඇත. සංස්කෘතික මුල ධර්මවාදය, සංස්කෘතික නොසළකා හැරීම, සංස්කෘතික ප්රචණ්ඩත්වය, සංස්කෘතික විරෝධය සහ සංස්කෘතික සාධකයට දක්වන ආන්තික සැළකිල්ල ඒ අතර ප්‍රධානය.
සංස්කෘතික මිනිසා ගොඩ නැගීම යන සංකල්පය ඉදිරයට එන්නේ මේ පසුබිමෙහිය. සංස්කෘතික මිනිසා තමන්ගේ සංස්කෘතිය අගය කරයි.ඒ සමගම එය විචාරාත්මකව පරීක්ෂා කර එහි නිෂේධනීය අංග නොපැකිලව හා නිර්භීතව බැහැර කරයි. සාධනීය අංග පෝෂණය කරයි. අන්‍ය සංස්කෘතින්ට ගරු කරයි. ඒවායෙන් ලබා ගත හැකි සාධනීය අංග නොපැකිලව ලබා ගනියි. ලෝක මානව සංස්කෘතියේ යහපත් අංග බෙදා හදා ගැනීමට උත්සුක වෙයි. ජාතිවාදය ආගම්වාදය , ලිංගවාදය ආදි ප්රචණ්ඩ ව්‍යුහ පිටු දැක ඒවානිර්ප්රචණ්ඩ මානයන් ඔස්සේ පරිවර්තනය කරිමට වෙර දරයි
සංස සමාජ ජීවිතයෙහිලා සක්‍රීය, වගකිම් සහගතව මැදිහත් වන ජීවන ධාරිතාව පුලුල් කරගත් ප්‍රීතිමත් පුරවැසියකු වෙයි.
මේ ගුණාංග සහිත සංස්කෘතික පුරවැසියා ගොඩ නැගීම ජනරජ පෙරමුණේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයකි. ලාංකික දේශපාලනයට නව හැරවුමක් ලබා දෙමින් විශාල සංස්කෘතික දේශපාලන වැඩබිමක් ජනරජ පෙරමුණ විසින් නිර්මාණය කරනු ඇත. සම්ප්රදායක උරුමය,ආගම, කලාව, භාෂාව, සාහිත්‍යය, ක්‍රීඩාව, ජන සන්නිවේදනය, විනෝදාස්වාදය ආදී සෑම සංස්කෘතික පෙරමුණකම පක්ෂය ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික මිනිසා පිළිබඳ මේ මුලික දැක්ම පදනම් කරගනිමිනි.ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ලිංගවාදය ආදී සකලාකාර ප්රචණ්ඩ අන්තර්ගතයන් පිටුදැක ඒවා නිර්ප්‍රචණ්ඩ මානයක් ඔස්සේ ප්‍රතිසංස්කරණය කිරීමට මැදිහත් වෙමිනි..
ලාංකික දේශපාලනයට නව හැරවුමක් ලබා දෙමින් විශාල සංස්කෘතික දේශපාලන වැඩබිමක් ජනරජ පෙරමුණ විසින් නිර්මාණය කරනු ඇත. සම්ප්රදායක උරුමය,ආගම, කලාව, භාෂාව, සාහිත්‍යය, ක්‍රීඩාව, ජන සන්නිවේදනය, විනෝදාස්වාදය යනාදී සංස්කෘතික තලයන්ට ජනරජ පෙරමුණ මැදිහත් වන්නේ ඉහත කී සංස්කෘතික මිනිසා පිළිබඳ අදහස මූලික කර ගනිමින්ය.
කරු පරණවිතාන