එක්සත් ජනරජ පෙරමුණ ඖෂධ ජාවාරම්වලට එරෙහිව දැඩිව පෙනී සිටින බව පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එහිදී එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය. එක්සත් ජනරජ පෙරමුණ ඖෂධ ජාවාරම් වලට එරෙහිවීම ඉන් මනාව සනාථ වන බව අමරසිංහ මහතා පෙන්වා දෙයි. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ගැටලු සහගත බව එක්සත් ජනරජ පෙරමුණ දිගු කලකට ඉහතදී පෙන්වා දී තිබිණ.
අවිද්‍යාත්මක, වංචා සහගත, සැකසහිත සහ අමනෝඥ ක්‍රියා කලාපයක හිටපු අමාත්‍යවරයා නිරත වන බව එහිදී අවධාරණය කෙරිණ. මේ වනවිට එම ප්‍රකාශය සත්‍ය බව තහවුරු වී ඇතැයි අමරසිංහ මහතා සඳහන් කරයි. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවට වැදගත් භාරදූර කාර්යයක් ඉටු කිරීමට සුදුස්සෙක් නොවේ. ඔහු රිමාන්ඩ්භාරයට පත් කිරීමෙන් ද එය තහවුරු වී ඇතැයි විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පෙන්වා දෙයි.
ඖෂධ ආනයනය සහ නියාමනය ද හිටපු අමාත්‍යවරයාගේ සමයේදී ගැටළු සහගත තත්වයකට පත්විය. එය සෘජුව රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වවලට අයහපත් ලෙස බලපෑම් ඇති කළ බව අමරසිංහ මහතා පෙන්වා දෙයි. ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා ද විවිධ ගැටලු මතු විය. එවැනි තත්ත්ව පාලනය කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වූ බවද හෙතෙම අවධාරණය කරයි. මෙම තත්ත්වය පිළිබඳව දිගු කලකට පෙර එක්සත් ජනරජ පෙරමුණ තොරතුරු හෙළි කිරීමට පියවර ගත් බව ද අමරසිංහ මහතා පෙන්වා දෙයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගතයුතු බව මුලින්ම අවධාරණය කරන ලද්දේ ද එක්සත් ජනරජ පෙරමුණ බව අමරසිංහ මහතා පවසයි. ඒ 2023 වසරේ දීය. ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල පැවති ප්රවෘත්ති සාකච්ඡාවල, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විග්රහ කෙරිණ. ඔහුට නඩු පැවරිය යුතු බව ද අවධාරණය කෙරිණ. වෙනත් කිසිදු පාර්ශවයකට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට නඩු පැවරිය යුතු බව සඳහන් කළේ එක්සත් ජනරජ පෙරමුණ බවද සභාපතිවරයා පෙන්වා දෙයි.වත්මන් සිදුවීම් සමග පෙරමුණේ ස්ථාවරය නිවැරදි බව ද තහවුරු වී ඇත.