සිහින කුමාරයෙකුට ඡන්දය දෙනවා ද, නැතහොත් රට දියුණු කළ හැකි කණ්ඩායමකට රට භාර දෙනවා දැයි එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, ඉංජීනේරු සුමේධ රත්නායක මහතා ප්‍රශ්න කරයි.
මේ වනවිට රටට වෙනසක් අවශ්‍යව තිබේ. එවැනි අවස්ථාවක බලය ලබා දිය යුත්තේ රට දියුණු කළ හැකි කණ්ඩායමක් වෙතය. එක්සත් ජනරජ පෙරමුණ සතුව උගත්, බුද්ධිමත්, ප්‍රායෝගික, ක්‍රියාශීලී කණ්ඩායමක් එක්ව සිටිති. ඔවුන්ට රට සංවර්ධනය කිරීමේ පුළුල් දැක්මක් ද ඇතැයි රත්නායක මහතා ගාල්ල දිස්ත්‍රික්ක එක්සත් ජනරජ පෙරමුණු සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
වර්තමානයේ ජීවත්වීම ද අභියෝගයක්ව තිබේ. නවතම වාර්තා අනුව එක් පුද්ගලයකු සඳහා මාසික අවම අවශ්‍යතාව රුපියල් 17250 කි. එය උපයන්නේ ජනතාවගෙන් සියයට 10 ක් පමණක් බව රත්නායක මහතා පෙන්වා දෙයි. එවැනි තත්වයකින් රට මුදා ගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය බවත්, එක්සත් ජනරජ පෙරමුණ එය ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
මේ අතර මහලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා කියා සිටියේ, රාජපක්ෂ පාලන කාලය තුළ රට බංකොලොත් වූ බවයි.
දූෂණ වංචා, අසාර්ථක ව්‍යාපෘති, ආර්ථික කළමනාකරණයක් නොමැතිවීම, රාජ්‍ය ධනය කොල්ලකෑම, රාජපක්ෂ සමයේ දැඩිව සිදූවිය. එය රටේ බංකොලොත්වීමට ප්‍රධානතම සහ එකම සාධකය වූ බව චන්ද්‍රසේකර මහතා අවධාරණය කරයි.
එවැනි තත්ත්වයකදී රට ගොඩනැංවීමේ වගකීම සෙසු සියලු පාර්ශ්ව වෙත තිබේ. දැනුමක්, දර්ශනයක් සහ හැකියාවක් සහිත පාර්ශව එක්ව රට ගොඩනැංවීමේ ක්‍රියාවලියක් ඇරඹිය යුතුය.
සියයට පහ ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් රටට අවශ්‍යව තිබේ. එය ළඟා කර ගත හැකි වැඩපිළිවෙළක් එක්සත් ජනරජ පෙරමුණ සතු බව හෝල් ඩි ගෝල් හි ඊයේ (29) පැවති එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සමුළුවේදී හෙතෙම පෙන්වා දුන්නේය.