එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවක් ඊයේ (05) සවස කඩුවෙල, ශාන්තාලෝකගම ප්‍රදේශයේදී පැවැත්විණ.
මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල තරුණ අංශයේ සංවිධායක තරිඳු අතපත්තු මහතා විසිනි.
මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති අජිත් අමරසිංහ, නියෝජ්‍ය ජාතික සංවිධායක තීක්ෂණ ගම්මන්පිල, මධ්‍යම කාරක සභික රජික කොඩිතුවක්කු, තරුණ අංශයේ සභාපති ඉසුරු චන්ද්‍රසේකර ඇතුලු පිරිසක් සහභාගී විය.