ඊයේ (01) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැති ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව ඇමතූ, තරුණ අංශයේ නායක, එක්සත් ජනරජ පෙරමුණේ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා;
“අද මේ අපි ගෙවන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතා තීරණාත්මක කාලයක්. ඒ වගේ කාලෙක අපේ පක්ෂය විශ්වාස කරලා, ලංකාවේ සිව් කොනින් මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. 2023 එක්සත් ජනරජ පෙරමුණ තමන්ගේ ජනගත කිරීමේ පළමු ක්‍රියාවලිය විදිහට මංගල මහ සමුළු පවත්වනවා. ඒ සමුළුවේදීත් ඊට අවුරුද්දකට පස්සේ පවත්වන දෙවන ජාතික මහ සමුළුවේදීත් ඔබ ආමන්ත්‍රණය කිරීමට මට අවස්ථාව ලැබීම ගැන මම බොහොම සන්තෝස වෙනවා. ඇත්තටම අද මේ රටේ තියෙන ප්‍රශ්න, ගැටළු මේ සියලු දේවල් වලට උත්තර හොයන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද කියන එක අද තමුන්නාන්සේලාට තේරිලා ඇති. ඇත්තටම වචනවලින් තොරණ් ගහන, සමාජ මාධ්‍යයේ පිම්බෙන චරිත වලට, ජනකාන්ත දේශපාලන චරිත වලට, පක්ෂ වලට මේ රටේ ප්‍රශ්නවලට උත්තර නෑ කියන එක, මේ රටේ බුද්ධිමත් ජනතාව අද වෙනකොට තේරුම් අරන් අවසානයි කියන එක මං මතක් කරන්න කැමතියි.
අපි ශ්‍රී ලංකාව තුළ, මේ දේශපාලනය කියන ක්ෂේත්රයේ රැවටෙන්න පුළුවන් හැම පැත්තකින්ම මේ විදියට රැවටිලා ඉවරයි. අපි, සමහර වෙන අය නටවපු නයි පැටවුන්ට අපි අහුවුණා. නිකන් පත්තු වන බෝම්බ වලට අපි බය වුණා. කඳුළු වලට රැවටුණා. අපේ අහිංසක අනුකම්පාවෙන් ප්‍රයෝජන අරගෙන අපේ ඡන්ද ටික ගත්තා. විශාල ජනතාවක් අද ඇවිල්ලා ඉන්නවා අපේ පක්ෂය වෙනුවෙන්. මං කියන්නේ ඔබ බුද්ධිමත් වෙන්න. මේ පණිවිඩය සමාජයට ගෙනියන්න. ගමට ගෙනියන්න. නගරෙට ගෙනියන්න. අපි මෙතනින් පස්සේ මේ රට බංකොලොත් කරන්න උර දුන්න, මේ රට බංකොලොත් රටේ, බඩගින්නෙ ඉන්න ජනතාවගේ, ඡන්දය මංකොල්ල කන්න මහන්සි වෙන ඊළඟ මැතිවරණෙන් පමණක් ඉලක්ක කරලා තමන්ගේ දේශපාලනය කරන ඒ සියලුම දේශපාලන පක්ෂ, ඒ නායකයන්ට ඊළඟ වතාවේ දේශපාලනයේ අවස්ථාවක් නැති කරන්න අපි කටයුතු කරන්න ඕනේ කියන එක, මම මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න කැමතියි. මොකද නැත්නම් අපිට ජීවත් වෙන්න රටක් නැති වෙනවා. මොන ප්‍රශ්න තිබ්බත් අපිට ඒ දේවල් අවශ්‍යයි. අපි මේ රට දාලා යන්නේ නැති මිනිස්සු. අපි ඉන්නවනම් ඒ වගේ වැදගත් උසස් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සටන් කරන්න ඕනේ.
ඇත්තටම අපි පක්ෂයක් විදිහට පොඩියි තමයි. ඒක අපි පිළිගන්නවා. නමුත්, මතක තබාගන්න. අපි මතවාදීව ඉදිරියෙන් ඉන්නවා. අපි මේ රටේ මතවාදීව මේ රටේ ලොකු බලපෑමක් කරන පක්ෂයක්. කණ්ඩායමක්. එවැනි නායකයන් අපිට ඉන්නවා. ඒක නිසා බිය වෙන්න දෙයක් නෑ. පක්ෂයේ ලොකු පොඩි ඒවා ප්‍රශ්න නෙමෙයි. අපේ මතය සමාජගත කරන්න ප්‍රබල යාන්ත්‍රණයක් අපිට තියෙනවා. ඒක නිසා අපි ශක්තිමත්ව ඉස්සරහට යනවා. අපේ පක්ෂය ආරම්භ කරන දවසේ විවේචන ගොඩක් තිබ්බා. මමත් ඒ කාලේ ඉන්නකොට සාමාජිකයෙක් වෙන විදියකට අපිට දකින්න ලැබුණා විවේචන කරනවා. මේ හදන්නේ තවත් ක්ෂයකට මුක්කුවක් ගහන්නද? නැත්නම් වෙන අරමුණකින්ද? මොකටද ලංකාවට ආපහු පක්ෂ? මේ වගේ විවේචන ගණනාවක් ආවා. අපි බලාගෙන හිටියා. අපි අවුරුද්දක් වැඩ කරා. වැඩ කරද්දිත් අපිට විවේචන ආවා.
විවේචන කරන දේශපාලනයක් ලංකාවේ තියෙනවා. ඒ තිබ්බත්, විවේචන දේශපාලනයෙන් පස්සට ගිහිල්ලා, අපිට පුළුවන් වුණා ප්‍රශ්න හඳුනගෙන, විවේචනය කරන්නේ නැතුව, ඒ ප්‍රශ්නයට අවශ්‍ය නිශ්චිත, විසඳුම් හොයන්න අපිට පුළුවන් වුණා. නැත්නම් අපි මිනිසුන්ගේ හිත් දිනාගන්න, මිනිස්සු දන්න ප්රශ්නය නැවත වටයකින්, මිනිස්සුන්ට අහන්න සැලැස්සුවේ නෑ. අපි ඔවුන්ව උත්තර වලට, විසඳුම් වලට ඉලක්කගත කළා, මේ රටේ ජනතාව. ඒක නිසා, අද ගොඩක් අය, අපි හදපු උත්තර, අපි හදපු විසඳුම් අරගෙන, මේ රටේ ප්‍රබල පක්ෂ, දේශපාලන ව්‍යාපාර, ජනකාන්ත ව්‍යාපාර පිටරට ගිහිල්ලත් කියන්නේ අපේ උත්තර. අපි හදපු දේවල්. ලංකාවේ කතා කරන්නෙත් අපි හදපු දේවල්. හැබැයි ඒක ගැටලුවක් නෑ. මොකද අපි නිර්මාණය කරපු උත්තර විසඳුම් වල කවදාවත් සමාජීය වෛරය ඇතිවන දේවල් නෑ. ආගම භේදභින්න වෙන දේවල් නෑ. ජාති භේද භින්න වෙන්න දේවල් නෑ. අපේ උත්තරේ ඒ වගේ සමාජයට ගැලපෙන ආකාරයෙන් තමයි අපි ඒ ප්‍රශ්නවලට උත්තර හදලා තියෙන්නේ. ඒක නිසා අපි බොහොම සන්තෝස වෙනවා අපේ දේවල් හරි ඒ විදියට වෙනත් පක්ෂ ඒ ආකාරයෙන් සමාජගත කිරීම පිළිබඳව.
අද රටේ තරුණ දේශපාලනය ගැන කතා කරනකොට ගොඩක් දේශපාලන පක්ෂ කියනවා. තරුණයට තැන දෙන්න ඕනේ. තරුණයෝ තමයි අනාගතය. කට කැඩෙනකම් කියනවා. ඉවරයක් නෑ. බැලුවත් පේන්නේ තරුණයන්ට තැන දෙන්න ඕනේ කියලා විතරයි. හැබැයි ඇත්තටම තරුණයන්ගෙන් අහලා බලන්න දේශපාලන පක්ෂ ඇතුළේ තරුණයන්ට තැන් තියෙනවද කියලා. හැබැයි එක්සත් ජනරජ පෙරමුණ කියන්නේ කටින් විතරක් තරුණයාට තැන දෙන පක්ෂයක් නෙමෙයි. මේ පක්ෂයේ ප්රායෝගික්වත් තරුණයාට ඒ අවස්ථාව තැන තරුණ තරුණියන්ට අවස්ථාව එන තැන හදලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද මේ දැවැන්ත වේදිකාවේ කතා කරන මමත්,
ඇත්තටම මම සමස්ත තරුණ ප්‍රජාවට කියනවා දේශපාලනය කරන්න ඕනේ අපි. දේශපාලනය අපිට අයිති කෑල්ලක්. ඒක වෙන කාටවත් අයිති කෑල්ලක් නෙමෙයි. අපිට අයිතියක් තියෙනවා දේශපාලනය කරන්න. නම්බු පිට දේශපාලනය කරන්න ඕනේ නම්, බය නැතුව දේශපාලනය කරන්න ඕනේ නම් ලැජ්ජ නැතුව දේශපාලනය කරන්න ඕනේ නම්, බුද්ධිමත් දේශපාලනයක් ඕනේ නම්, එකතුවෙන්නේ එක්සත් ජනරජ පෙරමුණත් එක්ක. ඔබට පුළුවන් ඒ අවශ්‍ය උසස් දේශපාලන සංස්කෘතිය අපේ පක්ෂය හරහා ගොඩනගන්න. අද වෙද්දී දේශපාලනය ඉතාම තීරණාත්මකයි. තීරණාත්මක මොහොතක් උනාට අපි පක්ෂයක් විදිහට තීරණාත්මකයි.
අපේ පක්ෂයේ නායකයා කියන්නේ ආණ්ඩුවක් තුළ අමාත්‍යාංශයක් ගත්තොත් ඒ අමාත්‍යාංශය යට තියෙන ආයතන දෙපාර්තමේන්තු ඔක්කොම ලාභ කරපු කෙනෙක්. විපක්ෂයේ ඉන්නවද කියලා අදාළ නෑ. මන්ත්‍රීධුරය දෙන වගකීම කරනවා. පාර්ලිමේන්තු කමිටු සභාපති ධූරයක් තියෙනවනම් ඒකෙ වගකීම ගන්නවා. එහෙම කරන හයියක් තියෙන නායකයෙක් ඉන්න පක්ෂයක් තමා මේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපිවත් ඉස්සරහට අරගෙන රටත් ඉස්සරහට අරගෙන යන්න ඒ නායකයා තමා මේ වගේ ඉස්සරහ ඉඳන් ඉන්න පාඨලී චම්පික රණවක. රටක් ගොඩ දාන්න පුළුවන් දැයක් එක්සේසත් කරන්න පුළුවන් මිනිස්සුන්ගේ දුක හඳුනගෙන ඒවට උත්තර දෙන්න පුළුවන් ඒ බුද්ධිමත් නායකත්වය රටට නායකත්වය සපයන්න පුළුවන් ඒ හැකියා කණ්ඩායම අප සතුයි.
අපි සූදානම් පක්ෂයක් විදියට මේ රටේ ප්‍රශ්නවලට, අර්බුද වලට, විසදුම් ගේන්න, අභියෝග බාර ගන්න. ඒක නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිව විශ්වාස නම් එන්න අපිත් එක්ක වැඩ කරන්න. මදක් අප දෙස බලා සිටින්න. ඔබේ විශ්වාසය අපි දිනා ගන්නවා.”