රට මෙහෙයවිය යුතු දිශාව සම්බන්ධයෙන් වැදගත් පෙර දැක්මක් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර ඇතැයි දේශපාලනඥයෝ පවසති.
වත්මන් ගැටලුවලින් රට මුදාගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය වෙයි. එක්සත් ජනරජ පෙරමුණ එවැනි සැළසුමක් ඉදිරිපත් කර තිබේ.
ඊට නායකත්වය සපයන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඍජුව සහ එඩිතරව ක්‍රියාකරන දේශපාලනඥයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
උගත්, දේශපාලනඥයෙකු වන පාඨලී චම්පික රණවක මහතා බහුතරයකගේ විශ්වාසය දිනාගත් නායකයෙකි. ඔහු රට වෙනුවෙන් ධනාත්මක ප්‍රාර්ථනාවක් ජනගත කර ඇතැයි සුමතිපාල මහතා පෙන්වා දෙයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටින්නේ, පාඨලී චම්පික රණවක මහතාගේ දැක්ම සහ අවංකභාවය රට වෙනුවෙන් අවශ්‍ය බවයි.
බුද්ධිමත් දේශපාලනඥයෙකු වන රණවක මහතා දේශපාලනයෙහි ස්ථානගතවීම සම්බන්ධව ගැටලුවක් ඇතැයි ගනේෂන් මහතා කියාසිටී. ඒ අනුව ඉදිරියේදී නියමිත පරිදි ඔහු ස්ථානගත කළ යුතුය.
ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ, “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැදගත් බව ද මනෝ ගනේෂන් මහතා කියා සිටී.