එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ඊයේ (07) දෙමටගොඩ මිහිඳුසෙන්පුර Block D හිදී පැවැත්විණ.
ජන හමුව සංවිධානය කළේ විනෝද් කාන්ත් මහතා සහ Block D ප්‍රජා සංවර්ධන සමිතියේ සභාපති කසුන් මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, උප සභාපති තීක්ෂණ ගම්මන්පිල, මධ්‍යම කාරක සභික නීතිඥ රජික කොඩිතුවක්කු සහ කිංස්ලි පෙරේරා යන මහත්වරුන් සහභාගී විය.