එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනරජ සංවාද දෙකක් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටියේදී මාර්තු මස 02 වැනි දිනයේදී හා තිහගොඩදී මාර්තු මස 17 වැනි දිනයේදී පැවැත්විණි.
එක්සත් ජනරජ පෙරමුණේ කඹුරුපිටිය ආසන සම්බන්ධීකාරක ගාමිණී තිලකරත්න මහතා විසින් කඹුරුපිටියේ දී සංවිධානය කරනු ලැබූ ජනරජ සංවාදයට ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූ අතර, ප්‍රදේශයේ ගොවීන්ට හා කාන්තාවන්ට බලපාන ප්‍රශ්න හා ඒ ප්‍රශ්නවලට එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කරන විසඳුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
පුන්යතිලක මාරඹගේ මහතා විසින් ප්‍රදේශවාසී ගොවි සංවිධාන රැසක නායකයන් හා ගොවීන් රැසකගේ සහභාගිත්වයෙන් මාර්තු මස 17 වැනි දින තිහගොඩ දී පවත්වනු ලැබූ ජනරජ සංවාදයේ දී මෑතදී ඉදිකරන ලද ලවණ බාධකය ගැන දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි. සාකච්ඡාව අවසානයේ දී වගා හානි වන්දි හා ලවණ බාධකයට ලබාදිය යුතු ක්ෂණික විසඳුම ඉල්ලා සිටින ගොවීන්ගේ පෙත්සමට අත්සන් ලබාගැනීම ආරම්භ කෙරිණි. මේ පෙත්සම මාතර දිස්ත්‍රික්කයේ ලවණ බාධකය නිසා පීඩාවට පත්ව සිතන සියල්ලන් අතර අත්සන් සඳහා බෙදීමටත් ඉන්පසු එය කොළඹ දී වගකිවයුත්තන්ට භාරදීමටත් තීරණය කෙරිණි.
මේ රැස්වීම් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මාතර දිස්ත්‍රික් කළමනාකරු වරලත් ඉංජිනේරු චන්ද්‍රසිරි ලියනගේ, ජාතික මණ්ඩල සාමාජික ගාමිණි ශාන්ත, කාන්තා විධායක කමිටු සාමාජික ලක්ෂ්මි කොඩිතුවක්කු, ආසන සම්බන්ධිකාරකවරුන් වන එච්. ඩබි. තිලකරත්න, අනිල් නෙත්තිකුමාර, මහින්ද වර්ණකුමාර හා සාමාජිකයන් වන පුණ්‍යතිලක මාරඹගේ, අජිත් කටුවන්දෙනිය මහත්ම මහත්මීන් විසින් අමතන ලදී.
මේ ජනරජ සංවාද දෙක අවසානයේ දී එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසින් ප්‍රදේශවාසී දරුවන්ට ළමා සායන පවත්වන ලදී.