වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය කියයි.
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය සාකච්ඡා කළේය. ඉන්පසු මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියාසිටියේ පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි.
ඒ අනුව මහජන පක්ෂ දේශපාලන මණ්ඩලය, එක්සත් ජනරජ පෙරමුණ සමග සාකච්ඡා කර තිබේ.
එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ දෙපාර්ශවය අතර සාකච්ඡාව සාධනීය බවයි.
විශ්වසනීය දේශපාලන සන්ධානයකින් ජනතා ගැටලු විසඳීම අපේක්ෂාවයි. පාර්ශව රැසක් සමග ඒ පිළිබඳව සාකච්ඡා කළ අතර ඉදිරියේදී ද තවත් සාකච්ඡා රැසක් සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මහජන පක්ෂය සමග පැවති සාකච්ඡාවට එක්සත් ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර සහ මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස් මහත්වරු ද එක්වූහ.