ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව ගොඩනගන ලද ‘ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ’ නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් ජනවාරි 23 වෙනිදා ජනරජ පෙරමුණු මූලස්ථානයේ දී පැවැත්විණ.මේ අවස්ථාවට ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන්
ජේ.බී ගුරුසිංහ – සම කැඳවුම්කරු, ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ, අනුප නන්දුල – ජ්‍යෙෂ්ඨ උපසභාපති, ලංකා බැංකු සේවක සංගමය, චින්තක බණ්ඩාර – සම කැඳවුම්කරු, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ යන මහත්වරුන් ඇතුළු එම සංවිධානයේ පහත සඳහන් වෘත්තීය සමිති නියෝජනය කරගෙන නිලධාරීන් පිරිසක් ද එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා ද එක් විය.