එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපති වරයෙකු වූ අභාවප්‍රාප්ත එම්.අයි. මොහොමඩ් මහතාගේ වැඩිමහල් දියණිය වන එම්. එන්. හනා ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනරජ කාන්තාවන්ගේ අදහසක් අනුව එංගලන්තයේ පදිංචි ලාල් විපුල ගමගේ මහතාගේ අනුග්‍රහය යටතේ ශිෂ්‍යත්වයක් 2023.12.26 දින ලබා දෙන ලදී. එම ශිෂ්‍යත්ව මුදල 2023 ජනවාරි මස සිට මාසිකව ඇය වෙත ලබා දෙනු ඇත.
එම කටයුත්ත සදහා පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතා හා ජනරජ කාන්තාවෝ සභාපති ඇතුළු විධායක කමිටු සාමාජික පිරිසක් සහභාගී වූ අතර, ශිෂ්‍යත්වය සඳහා අනුග්‍රහය දක්වන එංගලන්තයේ පදිංචි ලාල් විපුල ගමගේ මහතා සහ ශිෂ්‍යත්ව ලාභී එම් එන්. එම් හනා දියණිය, පක්ෂ මහලේකම්තුමා ඇතුළු පිරිසක් Zoom ඔස්සේ සම්බන්ධ විය.