එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (09) සවස, අවිස්සාවේල්ල ජල සම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලයේ කාර්යාලය වෙත ගිය අතර, වසර ගණනාවක සිට එම ප්රදේශයේ ජනතාව මුහුණ දෙන පානිය ජල ගැටළුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවක නිරත විය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය යොමු කොට කඩිනම් විසඳුමක් සඳහා ජනතාවගෙන් අදහස් විමසීමක් ද සිදු කරන ලදී.
මෙම අවස්ථාව එක්සත් ජනරජ පෙරමුණේ කැලණිවැලි කලාප සංවිධායක බෝසෙත් කළහේපතිරණ මහතාගේ ප්රධානත්වය යටතේ අවිස්සාවේල්ල ආසන සම්බන්ධීකාරක රුමේෂ් ගනේගොඩ මහතා විසින් සංවිධානය කර තිබිණ.