පසුගිය දිනවල පැවති අසාමාන්‍ය වර්ෂාපතනයත් සමග ගම්පහ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර තත්වය නිසා දාරළුව, අකරවිට, මාකෙවිට, කොස්ඕවිට, පහලගම, ගම්පහ නගරයේ ජා ඇල සහ කොළඹ බස් නැවතුම්පොලවල් ඇතුළු විශාල ප්‍රදේශයක් ජලයෙන් යට විය. ඒකල – ගම්පහ සහ ගම්පහ – ගනේමුල්ල මාර්ගයේ විශාල කොටසක් ජලයෙන් යට වූ අතර ගම්පහ ගුවන් පාලම ජා ඇල – මිනුවන්ගොඩ මාර්ග හා සම්බන්ද වන වටරවුමද මුළුමනින්ම යටවීමත් සමග සියළු ප්‍රවාහන සම්බන්ධතා බිඳවැටුනි.
මේ අපහසුවට පත් ජනතාව වෙනුවෙන් සුමේධ රත්නායක මහතා ප්රමුඛ පිරිසකගේ දායකත්වයෙන් සහ ප්‍රකට ව්‍යාපාරික ප්‍රියන්ත වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් පිසූ ආහාර පාර්සල් සහ පානීය ජල බෝතල් බෙදා හැරීමේ කටයුතු සිදුවිය.
මෙම අවස්ථාවට තීක්ෂණ ගම්මන්පිල, ඉසුරු උද්දීප, තරිඳු අතපත්තු, ජගත් ගුණරත්න යන මහත්වරුන්ගේ ද අපරිමිත සහයක් ලැබුනි.
ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ගම්පහ නගර සභාවෙන් මහත් සහයක් ලබා දුන්නේය.