කඩුවෙල ආසනයේ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඊයේ (25) උදෑසන බත්තරමුල්ල සතොස ගොඩනැගිල්ල අසල දි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මැතිතුමාගේ හා කඩුවෙල සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ ද සහභාගිත්වයෙන් සිදු විය.
ඒ සඳහා කඩුවෙල එක්සත් ජනරජ පෙරමුණේ සංවිධායක හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ හා සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන කළමනාකරු හිටපු නාගරික මන්ත්‍රී විචිත්‍ර විජේතුංග, එක්සත් ජනරජ පෙරමුණේ බත්තරමුල්ල කොට්ඨාස නියෝජිත රසික සමරනායක හා සමගි ජන බලවේගයේ බත්තරමුල්ල කොට්ඨාස නියෝජිත හිටපු නාගරික මන්ත්‍රී රවි පෙරේරා යන අය ද ඇතුළුව පක්ෂ දෙකේ ම කොට්ඨාස කීපයක ම නියෝජිතවරු ද සහභාගි වී සිටියහ.
සියලු ම ඡායාරූප මෙතැනින්..
https://www.facebook.com/share/p/1G19FMgHyM