සමගි ජනරජයක්! දේශය වෙනුවෙන් එක්වෙමු! – සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීම පිණිස පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ විසින් සංවිධානය කෙරුණු විශේෂ සමුළුව අද (11) පෙරවරුවේ ආනන්ද සමරකෝන් එළිමහන් පරිශ්‍රයේ දී සාර්ථක ව මුළු දෙන ලදී.
සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, කෝට්ටේ ආසනයේ ප්‍රධාන සංවිධායක රජික කොඩිතුවක්කු, උප සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණේ වෘත්තීය සමිති ප්‍රධානී තමරා දයානි මහත්මිය ද සමුළුව ඇමතූ අතර බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තිහගොඩ භද්දිය නාහිමියෝ අනුශාසනාවක් සිදු කළ හ.
මහා සංඝරත්නය, ආගමික නායකයින්, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ ජාතික සභාව නියෝජනය කරන නිලධාරීන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටිය හ.
සියලු ම ඡායාරූප මෙතැනින්..
https://web.facebook.com/share/p/1ACeioowua