එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (09) සවස අවිස්සාවේල්ල, ගලපිටමඩම රණවිකුම් මහතාගේ නිවසේ දී ප්රදේශවාසීන් හමු විය.
මෙම අවස්ථාව එක්සත් ජනරජ පෙරමුණේ කැළණිවැලි කලාප සංවිධායක බෝසෙත් කළහෙපතිරණ මහතාගේ මූලිකත්වයෙන් අවිස්සාවේල්ල ආසන සම්බන්ධීකාරක රුමේෂ් ගනේගොඩ සහ රසික වත්සල මහත්වරුන් විසින් සංවිධානය කර තිබිණ.