ශ්‍රී ලංකාව 1972 බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්ණ වශයෙන් මිදී නිදහස් ‘ජනරජයක්’ බවට පත් ව දැන් අඩ සියවසක් ගෙවී අවසන් ය. නමුත් සැබෑ ජනරජයක් අපහට බිහිකර දීමට කිසිදු දේශපාලන කඳවුරකට මෙතෙක් හැකිවී නැත. සෞභාග්‍යමත් ජනරජයක, සාඩම්බර පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා විවිධ දේශපාලන, පක්ෂ, පාට, පුද්ගලයන් වෙත බලය ලබා දීමෙන් ඵලක් නොමැති බව පැහැදිලි ය.
හදමු... රටට ඔබින දිශානතිය
එවන් මහා යුග පෙරළියක් සිදු කිරීමේ ශක්‍යතාවකින් යුත්, විවේචනය හා උපදෙස්වලින් ඔබ්බට ගොස් පවතින පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිගාමී, පළපුරුද්ද සහ කළපුරුද්ද සහිත දැක්මක්, දැනුමක්, විචාර බුද්ධියක් සහිත, රටට ම පිළිගත හැකි නායකයෙක් ‘ජනරජ පෙරමුණ’ සතු ව සිටී.